ඒකාබද්ධයේ මැයි දින රැළිය ගාල්ලේදී

ඒකාබද්ධයේ මැයි දින රැළිය ගාල්ලේදී

April 16, 2018   06:45 pm



ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින පෙළපාළිය සහ රැළිය මෙවර ගාල්ලේ දී පැවැත්වීමට තීරණය කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ මැයි මස 07 වන දින මැයි දින පෙළපාළිය සහ රැළිය පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි.

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රර වලට අනුව හිස තෙල් ගැමේ චාරිත්‍රයට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.