අනතුරු කිහිපයකින් 4ක් මරුට

අනතුරු කිහිපයකින් 4ක් මරුට

April 16, 2018   06:24 pm


 

දිවයිනේ ප්‍රදේශ 04ක සිදුවූ රිය අනතුරුවලින් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

ඇල්ල, උඩප්පුව, පන්නල සහ ගලෙන්බිඳුනු වැව ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇල්ල නගරය ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් එකම පවුලේ මව පියා සහ අවුරුදු තුනක් වයසැති කුඩා දරුවෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පියා සහ කුඩා දරුවා මියගොස් තිබේ.

මේ අතර පන්නල - කුලියාපිටිය මාර්ගයේ ඇලබඩගම ප්‍රදේශයේ වෑන් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 42 හැවිරිදි පන්නල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

ගලෙන්බිඳුනුවැව - අනුරාධපුර මාර්ගයේ වැලෑනගම  ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ද පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා ගලෙන්බිඳුනුවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක අයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 57 හැවිරිදි පන්නල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.