ජනපති ලන්ඩන් නුවරදී හිස තෙල් ගායි

ජනපති ලන්ඩන් නුවරදී හිස තෙල් ගායි

April 16, 2018   06:14 pm



පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (16) ලන්ඩන් නුවර බෞද්ධ විහාරයේ දී හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය සඳහා එක්විය.

බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන සංඝනායක සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක ස්වාමීන් වහන්සේ විසින් මෙහිදී ජනාධිපතිතුමා ඇතුළු පිරිස වෙත චාරිත‍්‍රානුකූලව හිසතෙල් ගල්වා ආශිර්වාද පළ කර තිබේ.

අනතුරුව විහාරස්ථානයේ පැවති ආගමික වතාවත් සඳහා ද ජනාධිපතිවරයා එක්විය.

ලන්ඩනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් ද විහාරස්ථානය වෙත පැමිණ සිටි අතර ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා උදාවූ අලූත් අවුරුද්දට ශුභාශිංසන පළ කර තිබේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු ශ‍්‍රී ලංකා නියෝජිත පිරිස මෙම අවස්ථාවට එක්විය.