ජීවිතය රැක ගන්න පිළිසරණක් ඉල්ලන පුංචි දියණියක්

ජීවිතය රැක ගන්න පිළිසරණක් ඉල්ලන පුංචි දියණියක්

April 16, 2018   05:14 pm


වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය ආර්ථික තත්ත්වයක් තැලසිමියා රෝගයෙන් පෙළෙන ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දොළහක දැරියක් පිළිබඳ පුවතක් අද දෙරණට පසුගියදා වාර්තා විය.

ජාඇල වැලිගම් පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දොළහක් වන කාවින්ද්‍යා ප්‍රබෝදිකා දැරිය අද වන විට දරුණු තැලසිමිය රෝගයෙන් පෙළෙමින් සිටියි.

ඇයව සුවපත් කිරිමට ලක්ෂ අසුවක පමණ මුදලක් අවශ්‍ය බවට වෛද්‍යවරුන් පැවසිමත් සමඟ කාර්මාන්ත ශාලාවක සේවය කරන ඇගේ පියා  දැරියගේ රෝගි තත්ත්වයට ප්‍රතිකාර කිරිම සඳහා තමන් සතු එකම දෙපොළ වු නිවසද විකුණා දමා ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ඇය අධ්‍යාපන කටයුතුවලටද උපන් හපන්කම් කියන නමුත් අද ඇගේ අසනිප තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන කටයුතුද අඩපණ වී තිබේ.