රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හා කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමට ජය

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හා කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමට ජය

April 16, 2018   09:58 am



ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ(15) පැවති තරඟවලින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම ජය හිමිකරගෙන තිබේ.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 19ක ජයක් හිමිකරගැනීමට රාජස්ථාන් කන්ඩායම සමත් වුණි.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 217ක් ලබා ගෙන ඇති අතර ඊට පිළිතුරු වශයෙන් පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 198ක් පමණයි.

මේ අතර චෙන්නායි සුපර් කිංගස්ක් කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමට ලකුණු 04ක ජයක් හිමිව තිබේ.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 197ක් ලබාගත්තේය.

එම ඉනිම වෙනුවෙන් ක්‍රිස් ගේල් ලකුණු 63ක් ලබාගැනීමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි චෙන්නායි කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 193ක් පමණයි.

චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් නායක මහේන්ද්‍ර සිං දෝණි නොදැවී ලකුණු 79ක් ලබාගැනීමට සමත් වුණි.