අසරණයින්ට සරණක් වු මොහොතක්

අසරණයින්ට සරණක් වු මොහොතක්

April 11, 2018   10:25 am

සිංහල අලුත් අවුරුදු නැකතට ආහාර අනුභව කරන්නට නොහැකි ව සරණව සිටි දඹුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 50 ක ජනතාවට අවුරුදු කෑම සඳහා වියළි ආහාර බඩුමලු 50 බෙදා දීමේ උත්සවය ඊයේ(10) දින  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

අද දෙරණ දඹුල්ල මාධ්‍යවේදියෙකු වන කාංචන කුමාර ආරියදාස මහතාගේ සංකල්පයක් මත දානපතීන්ගේ  හා ඔහුගේ මිතුරු මිතුරියන් ඒකරාශී කොට එක් පවුලකට රුපියල් 5000 බැගින් වූ බඩු මලු 50 පරිත්‍යාග කිරීම මෙහිදී සිදු කෙරිණි.

ඉතා අසරණ වූ පවුල් 50 දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත්  වික්‍රමරත්න මහතා සිය පොලිස් නිලධාරීන් යොදවා සොයා බලා ඔවුන් මෙම අවස්ථාවට යොමු කිරීම විශේෂත්වයකි.