විශ්වාසභංගය ඉවත් කර ගන්න-අගමැති එජාප කණ්ඩායමට කියයි

විශ්වාසභංගය ඉවත් කර ගන්න-අගමැති එජාප කණ්ඩායමට කියයි

April 7, 2018   01:09 pm



‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 16 දෙනෙකුට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ඉවත් කරගන්නා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම වෙත අග්‍රමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ  සුදර්ශන ගුණවර්ධන මහතා පැවසුවේය.
 
මේ අතර මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පවසා සිටියේ  මෙම විශ්වාසභංගයට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාගේ කිසිඳු බලපෑමක් නොතිබූ බවයි.

කෙසේවෙතත් චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා සඳහන් කළේ  විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් එයට මුහුණදීමට සූදානමනින් සිටින බවයි.

මේ අතර අද දෙරණ කළ විමසීමකදී මහජන උපයෝගීතා කොමිසමේ ලාල් විජේනායක මහතා පැවසුවේ ආණ්ඩුව තුළ සිටිමින් අග්‍රමාත්‍යවරයා හට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව ද නුසුදුසු ක්‍රියාවක් බවයි.