අනතුරු 3යි-ජීවිත 3ක ඉරණම විසඳුන හැටි

අනතුරු 3යි-ජීවිත 3ක ඉරණම විසඳුන හැටි

April 1, 2018   04:33 pm




සීදුව - කොටුගොඩ මාර්ගයේ පඤ්ඤානන්ද කන්ද පහල ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් තවත් යතුරුපැදියක් වම්පසින් පසුකර යාමට උත්සාහ කිරීමේ දී පැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු හා පසුපැදිකරු සීදුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මීගමුව, තිබිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

අනතුර සම්බන්ධයෙන් සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර අනුරාධපුර - පුත්තලම මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තිබේ.

අනුරාධපුර සිට නොච්චියාගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන නතර කර තිබූ ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්ය.

අනතුරින් ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ කාන්තාවක බරපතළ තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මුතූර්, පෙරියපාලම ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර දිවුලපිටිය, කෝපිවත්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තිබේ.

යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකාරිය දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ දිවුලපිටිය, බලගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.