නුවරඑළිය වසන්ත උදානය ආරම්භ වෙයි

නුවරඑළිය වසන්ත උදානය ආරම්භ වෙයි

April 1, 2018   11:57 am


නුවරඑළිය මහා නගර සභාව මගින් වාර්ෂිකව පවත්වන නුවරඑළිය වසන්ත උදානයේ සාමාරම්භක උත්සවය අද (01) නුවරරළිය නගර මධ්‍යයේදි ආරම්භ කෙරිණි.

නුවරඑළිය මහා නගර සභාවේ පුරපති චන්දන ලාල්කරුණාරත්න මහතාගේ ආධාරනයෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි. රාධා කි‍්‍රෂ්නන් හා මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහතුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.

නුවරඑළිය නගරයේ හා අවට පාසල් හතලිස්දෙකක තුර්ය වාදක කණ්ඩායම් පනස්හතරක සිසු සිසුවියන් එක්දහස් පන්සියකගේ සහභාගිත්වයෙන් පෙරදිග හා බටහිර තූර්ය වාදක කණ්ඩායම් ආචාර්ය පෙළ පාලිය මධ්‍යයේ මෙම සමාරම්භක උත්සවය පැවැත්විය.

නුවරඑළිය මහා නගර සභාව විසින් සෑම වසරකම අපේ‍්‍රල් මාසය පුරා නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා විචිත‍්‍රවත් වු විවිධ වැඩ සටහන් එම මාසය තුල කි‍්‍රයාත්මක කරන අතර ඒ අතරින් තුරග තරඟ මෝටර් රේසිං තරඟ නවික හමුදා විසින් ඉදිරිපත් කරනු ලබන ජේසිකි බෝට්ටු තරඟ බැටිමිටන් තරඟාවලිය. මල් ප‍්‍රදර්ශනය ඇතුළු තරඟ ගණනාවක් මෙම වසන්ත උදානයට සමගාමීව පැවැත්විමට නියමිතය.

මෙවර වසන්ත උදානයට නුවරඑළියට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් සියළුම යටිතල පහසුකම් පිරිසිදු පානිය ජලය ලබා දිමට කටයුකු කර ඇති අතර දිනපතා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් විසින් භෝජනාගාර පරික්‍ෂා කිරිමටද නියමිතය.

නුවරඑළියට දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන හා සංචාරයක් වෙනුවෙන් විශේෂ ආරක්‍ෂීත වැඩ පිළිවෙලක් හා ඔහුන් පැමිණෙන වාහන ගාල් කිරිමට විශේෂ රථ වාහන සැලැස්මක්ද දියත් කිරිමට නුවරඑළිය කොට්ඨාස පොලිස් අධිකාරි මහින්ද දිසානයක මහතා විසින් කටයුතු කර ඇත.