අලුත් වාහනේ ගත්ත සතුටට පාටි දැමූ තරුණයා හෝටලයෙන් ඇද වැටී මරුට

අලුත් වාහනේ ගත්ත සතුටට පාටි දැමූ තරුණයා හෝටලයෙන් ඇද වැටී මරුට

April 1, 2018   11:11 am



ලක්‍ෂපාන දියඇල්ල අසල සංචාරක නිකේතනයක උඩුමහලෙන් පහළට වැටි තරුණයෙකු මියගොස් ඇති බව නෝටන්බි‍්‍රජ් පොලීසිය පවසයි.

ඉකුත් (26) වනදා මෙම තරුණයා ඔහුගේ මිතුරන් පිරිසක් සමඟ ලක්‍ෂපාන දියඇල්ල අසල සංචාරක නිකේතනයට ගොස් සාදයක් පවත්වමින් සිටියදි එදිනම රාති‍්‍ර 12.00 ට පමණ එම සංචාරක නිකේතනයේ උඩුමහලෙන් පහළ වැටි බරපතළ ලෙස තුවාල ලබා ලක්‍ෂපාන රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඔහු වැඩි දුර ප‍්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර එහි දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදි අද (01) අළුයම මියගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

මියගිය තරුණයා අළුතින් මෝටර් රථයක් මිළදි ගැනිම වෙනුවෙන් මිතුරන්ට සාදයක් පවත්මින් සිටියදි මෙම අනතුර සිදුවි ඇත.

මෙම මරණය සම්බන්ධයෙන් නෝටන්බි‍්‍රජ් පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.