ජනතාවට පීඩා කළ මත්කුඩු ජාවාරම්කරුවෙකු අතටම හසුවු හැටි

ජනතාවට පීඩා කළ මත්කුඩු ජාවාරම්කරුවෙකු අතටම හසුවු හැටි

March 31, 2018   09:13 pm

දිනෙන් දින රට තුළ ඉහළ යන මත්කුඩු ව්‍යාප්තිය තරුණ මහළු සියල්ලන්ටම එකසේ පිළිලයක් බව අමුතුවෙන් කිවයුතු නෑ.

එවන් පසුබිමක බියගම මීගහවත්ත සියඹලාපේ වත්ත ප්‍රදේශයේ සිදුකරගෙන ගිය හෙරොයින් මත්කුඩු ජාවාරමක් නීතියේ රැහැනට හසු කර දීමට අද දෙරණ උකුස්සාට හැකි විය.

අද උකුස්සාගේ අනාවරණය ඒ පිළිබඳවයි.

බියගම මීගහවත්ත සියඹලාපේ ප්‍රදේශයේ කලක සිට ගම්වාසීන්ටද පීඩා සිදුකරමින් හෙරෝයින් මත්කුඩු ජාවාරමක් සිදුකරන බවට ලද තොරතුරකට අනුව අද දෙරණ උකුස්සා එම ප්‍රදේශයට රහසිගතව ළඟාවන්නේ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් පිරිසක් ද සමඟින්.

එම ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් 05ක් විසින් පළමුව ජාවාරම සිදුකරන බවට සැක කෙරෙන නිවාස කිහිපයක් පළමුව සොදිසි කළේ පොලිස් නිල සුනඛයින්ද යොදා ගනිමින්.

එහිදී සැකකරුවකු අත්අඩංගුවට ගත් අතර ඔහු සතුව තිබී පැකට් කරන ලද හෙරෝයින් මත්කුඩු පැකට් කිහිපයක් සොයා ගනු ලැබීය.

අනතුරුව ජාවාරම්කරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වැදගත් කරුණු රැසක් ආනාවරණ විය.

මේ අතර මෙම මත්කුඩු ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් සිය සතුට පල කළේය.

පසුව ජාවාරම්කරුගෙන් අනාවරණ කරගත් තොරතුරුවලින් අනතුරුව පෑලියගොඩ ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු සතුව ද තිබී හෙරෝයින් මත්කුඩු තොගයක් සොය ගනු ලැබීය.

ඉදිරියේදීත් මෙවැනි ජාවාරම් නීතියේ රැහැනටෙ හසු කර දීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.