කොළඹ ඉදන් බදුල්ලේ ගෙදර යද්දී බස් එකේදිම අභිරහස් ලෙස මිය ගිහින්

කොළඹ ඉදන් බදුල්ලේ ගෙදර යද්දී බස් එකේදිම අභිරහස් ලෙස මිය ගිහින්

March 24, 2018   11:34 pm



කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් ගත් මඟියෙකු අභිරහස් ලෙස මියගිය ගොස් තිබේ.

බස් රථය තුළ සිහිසුන්ව සිටි අදාළ පුද්ගලයා අද(24) උදෑසන බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බව බදුල්ල පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි හාලිඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

මොහු කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි පුද්ගලයෙකු වන අතර බදුල්ලේ පිහිටි  සිය නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණපා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.