ටී.වී දෙරණ සම්මාන රැසකින් පිදුම් ලබයි
March 24, 2018 10:35 pm
2017 වසරේ හොඳම දේශපාළන වැඩසටහනට ලෙස දෙරණ නාලිකාවේ විකාශය වන වාදපිටිය වැඩසටහන 14 වන රයිගම් සම්මාන උළලේදී පිදුම් ලබා තිබේ.
මේ අතර 2017 වසරේ හොඳම සංගීත වැඩසටහන ලෙස දෙරණ නාලිකාවේ විකාශය වන සිංහගිරි ස්ටුඩීයෝ වැඩසටහන සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
එසේම වසරේ හොඳම පුවත් වාර්තාකරණයට හිමි සම්මානය අද දෙරණ විසින් හිමිකරගෙන ඇත.
අද දෙරණ ප්රවෘත්ති විකාශයේ උකුස්සා මඟින් රටට අනාවරණය කළ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ දළ යුගලය සොයා ගැනීම පිළිබඳ පුවතට මෙම සම්මානය හිමිවී තිබේ.
වසරේ ජයප්‍රියතම නිළියට හිමි සම්මානයේ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ නයනතාරා වික්‍රමාරච්චි විසින් දිනාගෙන තිබේ.
14 වන වරටත් පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන රාත්රියේදී මෙම සම්මාන හිමිවී තිබේ.