අනධ්‍යන සේවකයන්ගේ ඉල්ලීම් අසාධාරණයි
March 24, 2018 07:10 pm
වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තිය සංගම්වල ඉල්ලීම් අසාධාරණ බවත් , ඊට රජය ලබාදුන් විසඳුම් පිලිගැනීමට ඔවුන් සූදානම් නොමැති බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා ඊයේ (23) ප්‍රකාශ කළේය.
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ලබා දෙන මාසික හිලව් දීමනාව නොහොත් එම්.සී.ඒ. දීමනාව වැඩි කිරීම,අත්හිටුවූ භාෂා දීමනාව නැවත ලබා දීම, දේපල ණය සීමාව ඉවත් කිරීම,සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවටම පොදු රක්ෂණ ක්‍රමයක් ලබාදීම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කර ගනිමින් පසුගිය පෙබරවාරී 28 වැනිදා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.
ඊට දින 24 ක් පිරුණු ඊයේ පස්වරුවේ සියලු විශ්වවිද්‍යාල වල අනධ්‍යයන සංගම් එක්ව සාකච්ඡාවක් පැවැත්වූ අතර වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබේ.