විශ්වාසභංගට ශක්තිමත් ආණ්ඩුවක් ලෙස මුහුණ දෙනවා
March 24, 2018 06:52 pm
විශ්වාසභංග යෝජනාවට එරෙහිව ශක්තිමත් ආණ්ඩුවක් ලෙස ඊට මුහුණ දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනා විහිළු සහගත තත්ත්වයට පත්ව ඇති බව මන්ත්‍රීවරයා සදහන් කළේය.
කොළඹ ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා මෙම අදහස් පල කළේය.