බලධාරීන්ට නොපෙනුන මඟ ගමක් එකතුවෙලා තනියම හදපු හැටි
March 24, 2018 06:46 pm
අබලන් වූ මාර්ගයක් ගම්වාසින් එක්ව රුපියල් ලක්ෂ 150 ක පිරිවැයක් දරා පිළිසකර කර ජනතා අයිතියට පත්කිරීමේ පුවතක් කලුතර බුලත්සිංහල ප්රදේශයෙන් වාර්තා විය.
ඒ කිසිදු වගකිව යුතු පාර්ශ්වයක් අබලන් වූ මාර්ගය ප්රතිසංස්කරණය කර දීමට මැදිහත් නොවුණු පසුබිමකයි.
පසුගිය වසරේ මැයි මසදී ඇති වූ ගංවතුර තත්වය හමුවේ බුලත්සිංහල - තැන්හේන ඉහලවෙල්ගම මාර්ගයේ එකේ කණුව ප්රදේශය මෙලෙස නාය යෑම නිසා මතුගම සහ බුලත්සිංහලට යාමට ඔවුන්ට තිබූ එකම මාර්ගයද ඇනහිට තිබිණි.
ගම්වාසීන් වරින් වර අවස්ථා ගණනාවකදී මාර්ගය පිළිසකර කර දෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබුණත් එය ඉටු වී නොතිබිණි.
එවන් පසුබිමක ගම්වාසීන් ගෙයින් ගෙට ගොස් එක් රැස් කළ මුදලින් මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කළ අතර ප්රතිසංස්කරණය කෙරුණු මාර්ගය ඊයේ (23) මෙලෙස ජනතා අයිතියට පත් කෙරිණි.