අගමැති උපන් දිනය සැමරූ හැටි

අගමැති උපන් දිනය සැමරූ හැටි

March 24, 2018   06:21 pm



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් එතුමාට ආශීර්වාද පළ කිරීමේ විශේෂ ආගමික වැඩසටහනක් අද (24) වැනිදා පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විය.

මෙහිදී මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකතුමන්ලාගේ ආශීර්වාදය ලබාගැනීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේ සංවිධානය කර තිබූ උදෑසන තේ පැන් සංග්‍රහයට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහභාගි විණි.

මෙම අවස්ථාවට ආණ්ඩුවේ මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරීන්, අග්‍රාමාත්‍යතුමාගේ හිතමිතුරන් හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් අග්‍රාමාත්‍යතුමාට සුභපැතිම සඳහා පැමිණ සිටියහ. 

මීට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් එතුමාට ආශීර්වාද පළ කිරීමේ වැඩසටහන් රැසක් අද දිවයින පුරා බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ආගමික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගෙන සංවිධානය කර තිබිණි.