තලවාකැලේ තේ වත්තේ සූදු පොලක් පොලීසියෙන් වටලයි

තලවාකැලේ තේ වත්තේ සූදු පොලක් පොලීසියෙන් වටලයි

March 24, 2018   06:07 pm



තලවාකැලේ ප‍්‍රදේශයේ තේ වතුයායක නිති විරෝධී ලෙස මුදල් ඔට්ටුවට සුදු පොලක් පවත්වාගෙන ගිය සැකකරුවන් පස් දෙනෙකු තලවාකැලේ පොලිසිය මගින් අද (24) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

තලවාකැලේ රත්මිල්ල කැලේ තේ වතුයායක් මැද්දේ මෙම සුදුපොළ කාලයක් තිස්සේ ඉතා සුක්‍ෂම ලෙස පවත්වාගෙන ගිය බව තලවාකැලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක රසික වත්තේ ගම මහතා කියා සිටියේය.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සුදුපොළේ ඔට්ටු අල්ලා තිබු රැපියල් එක් ලක්‍ෂ දසදහසක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තලවාකැලේ ලිදුල කොටගල සහ හැටන් යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔහුන් කාලයක් තිස්සේ මෙම සුදු ඔට්ටු ඇල්ලිම සිදුකර ඇති බව දැනට කරන ලද මුලික පරික්‍ෂණ වලදි තොරතුරු අනාවරණය වි ඇත.

තලවාකැලේ පොලිස් බුද්ධි අංශ නිළධාරින්ට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සැකකරුවන් හෙට (25) නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව තලවාකැලේ පොලීසිය පැවසීය.