ප්‍රාණ ඇපකරුවන් රඳවාගෙන සිටි තුවක්කුකරු මරුට
සයුරෙන් එතෙර

ප්‍රාණ ඇපකරුවන් රඳවාගෙන සිටි තුවක්කුකරු මරුට

March 24, 2018   09:37 am



දකුණු දිග ප්‍රංශයේ, ට්‍රිබිස් නගරයේ සුපිරි වෙළඳ සැලක් තුළදී ප්‍රණ ඇපකරුවන් රඳවාගෙන සිටි තුවක්කුකරු එරට පොලීසිය සිදුකළ වෙඩිතැබීම් වලින් මියගොස් තිබේ.

සැකකරු සොරකම් කළ වාහනයක් මාර්ගයෙන් අදාළ සුපිරි වෙළඳසැලට පැමිණ ඇති අතර එහි සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු ප්‍රණඇපයට තබාගෙන සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

සුපිරි වෙළඳසැල තුළදී එක් ප්‍රණ ඇපකරුවෙකු ඝාතනය කර ඇති අතර සුපිරි වෙළඳසැලට පැමිණීමට සුළු වේලාවකට ප්‍රථම කාකසෝන් ප්‍රදේශයේදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද ඝාතනය කර ඇති බව සඳහන්ය.

අදාළ සැකකරු 25 හැවිරිදි රීඩුවාන් ලැක්ඩිම් නැමැති පුද්ගලයෙකු වන අතර ඔහු අයි.එස් සංවිධානයට සම්බන්ධ අයෙකු බව අනාවරණය වී ඇත.