මුදවපු කිරි කල්තබා ගන්න ජෙලටින් යොදනවා

මුදවපු කිරි කල්තබා ගන්න ජෙලටින් යොදනවා

March 23, 2018   01:05 pm




‍වෙළඳපොළ තුළ අලෙවියට පවතින මුදවපු කිරි කල්තබා ගැනීම සඳහා “ ජෙලටීන් “ නැමැති ද්‍රව්‍ය යොදන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර  බාලසූරිය මහතා සඳහන් කළේ මෙවැනි ක්‍රියා සිදු කරන වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීම සඳහා නව නීතියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇති බවයි.