දැදුරුඔයේ නාදුනන මළ සිරුරක්

දැදුරුඔයේ නාදුනන මළ සිරුරක්

March 23, 2018   06:44 am


නාදුනන පිරිමි නිරුවත් මළ සිරුරක් දැදුරුඔයේ පා වෙමින් තිබියදී සොයා ගෙන ඇති බව හලාවත පොලීසිය පවසයි.

ඊයේ(22 ) රාත්‍රී 10.00 ට පමණ මෙම මල සිරුර හමුවී ඇත.

හලාවත - සිප්පිකලාන,මැල්ලකැලේ ප්‍රදේශයේ දැදුරුඔය ඉව්රට ගොඩ ගසා තිබූ මෙම මල සිරුර සම්බන්ධයෙන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා විසින් හලාවත පොලීසිය දැණුවත් කර තිබේ.

මිය ගොස් ඇති අය කාගේ කව්රුන්ද, මිය යාමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

මළ සිරුර තිබෙන ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති බව හලාවත පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි