50 වැනි උදාගම්මානය ජනතා අයිතියට
March 23, 2018 06:17 am
නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 50 වැනි උදා ගම්මානය අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභ බලප්‍රදේශයේ සංගමන්කණ්ඩි හී සංගමන්ග්‍රාමම් ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබේ.
මෙම ග්‍රාමය අක්කර පහකින් යුක්තවන අතර නිවාස සංඛ්‍යාව 25කින් සමන්විත වෙයි.
ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 28ක් බව රජයේ මාධ්‍ය අංශය පවසයි.
උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම අද(23) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබේ.