මිලියන 20 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ 3ක් අත්අඩංගුවට

මිලියන 20 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ 3ක් අත්අඩංගුවට

March 22, 2018   08:17 pm



රුපියල් කෝටි 02 ක්  වටිනා  අයිස්  නමින් හදුන්වන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකුව මුන්දලම පොලීසියේ  විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මදුරන්කුලිය - කරිකට්ටියේ සිට කොළඹ දක්වා වෑන් රථයකින් රැගෙන යමින් සිටින විට මෙම මත්ද්‍රව්‍ය තොගය හලාවත - පුත්තලම මාර්ගයේ බත්තුළුඔය මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත.

මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙනවිත් ඇති බවට සැකකරන මෙම මත් ද්‍රව්‍ය තොගය මදුරන්කුලිය - කරිකට්ටිය ප්‍රදේශයේ කිසියම් ස්ථානයක සගවා තබා ගෙන සිට කොළඹ දක්වා රැගෙන යමින් සිටින්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි වැටලීම කළ නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

පුත්තලම කොට්ඨාස පොලිස් අධිකාරී ජේ.ඒ.චන්ද්‍රසේන මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතා ඇතුළු නිලදාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.