හොරට වැලි ගෙනිච්ච 2ක් පොලීසියට කොටු වෙයි

හොරට වැලි ගෙනිච්ච 2ක් පොලීසියට කොටු වෙයි

March 22, 2018   07:44 pm



වැල්ලවාය, සියඹලාගුණය සහ වීරසේකරගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මහ ආර සහ කිරිදි ඔය රක්ෂිත තුළින් නීති විරෝධීව වැලි පටවා ප්‍රවාහනය කරමින් තිබූ වැලි ට්‍රැක්ටර් දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව වැල්ලවාය පොලීසිය පවසයි.

මෙම සැකකරුවන් කිරිදි ඔය රක්ෂිතයේ සිට වැල්ලවාය නගරය දක්වා මෙලෙස වැලි ප්‍රවාහනය කරමින් සිට ඇති අතර සැකකරුවන් දීර්ඝකාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 20 දෙහැවිරිදි සහ 38හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පවසන අතර මෙම සැකකරුවන් කිරිදි ඔය රක්ෂිතය ආශ්‍රිතව සහ ප්‍රදේශයේ වෙනත් රක්ෂිත ආශ්‍රිතව වැලි ජාවාරම ජයටම පවත්වාගෙන යන පුද්ගලයන් බව මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ වැලි ට්‍රැක්ටර් හෙට(23)වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවාය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.