දෙවැනි මහළින් බිමට වැටී අයෙක් මරුට

දෙවැනි මහළින් බිමට වැටී අයෙක් මරුට

March 22, 2018   07:16 pm



නිවසක දෙවැනි මහළින් බිමට වැටී ඇති අයෙකු ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහල වෙත රැගෙන යමින් සිටින අතරතුර මිය ගොස් ඇත.

අද (22) දින සවස මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ හලාවත - සංඝතට්ටාන ප්‍රදේශ‍යේ පදිංචිව සිටි මොහොමඩ් නජීබ් (අවු:64) නම් අයෙකි.

මිය ගොස් ඇති අය හලාවත - වට්ටක්කල්ලිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන ගිය අයෙක් වන අතර ඔහු කිසියම් ආබාධිත තත්ත්වයකින් පෙළෙමින් සිටි අයෙකු බවත් ඥාතීන් පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.