නියෝජ්‍ය ඇමති රංජන් සිදු කළ ප්‍රකාශයේ යටි අරමුණ ගැන හිටපු ජනපති කියයි

නියෝජ්‍ය ඇමති රංජන් සිදු කළ ප්‍රකාශයේ යටි අරමුණ ගැන හිටපු ජනපති කියයි

March 22, 2018   06:59 pm



පාර්ලිමේන්තු වරප්‍රසාද යොදා ගනිමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක අමාත්‍යවරයා අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකළේ රජයට අවශ්‍ය තීන්දු ලබා ගැනීමට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ විජේරාම නිල නිවසේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේය.

පළාත් පාලන ඡන්ද විමසීමේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කළ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් නියෝජිතයින් ඊයේ (21) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එම පක්ෂයේ නායකයින් ඉදිරියේ දිවුරුම් දීම් සිදුවිය.

අද වන විට රට අස්ථාවරවී ඇති බවත් එම අස්ථාවරත්වය රටේ සියලුව ක්ෂේත්‍රවලට බලපාන බවද එතුමන් වැඩිදුරටත් පැවසීය.