මුලතිච්වලින් අතරුදන්වූ ධීවරයින්ගේ යාත්‍රා ඉන්දියාවෙන් හමුවෙයි

මුලතිච්වලින් අතරුදන්වූ ධීවරයින්ගේ යාත්‍රා ඉන්දියාවෙන් හමුවෙයි

March 22, 2018   05:46 pm



මුලතිව් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් සිටියදී අතුරුදන් වූ ධීවරයින් තිදෙනාගේ ධීවර යාත්‍රා ඉන්දියාවේ කඩලූර් ප්‍රන්තයේ තිබෙන මුහුදු තීරයකින් හමුවී ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් අදාළ ධීවරයින් පිරිස හමුවී නොමැති අතර එම යාත්‍රාවල තිබූ බඩු බාහිරාදිය ද අතරුදන්වී ඇති බව වාර්තාවේ.

පසුගිය 12 වන දින ධීවර කටයුතු සඳහා එකම පවුලේ තිදෙනෙක් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර පැවති අයහපත් කාලගුණයත් සමඟ ඔවුන් අතුරුදන් විය.