සුළි කුණාටුවක් නිසා ගුවන් ගමන් 4000ක් අවලංගුයි-නිව්යෝක් නගරයට හදිසි තත්ත්වයක්
සයුරෙන් එතෙර

සුළි කුණාටුවක් නිසා ගුවන් ගමන් 4000ක් අවලංගුයි-නිව්යෝක් නගරයට හදිසි තත්ත්වයක්

March 22, 2018   05:19 pm

ඇමෙරිකාවේ ඊසාන දිග කලාපය හරහා හමා යන සුළි කුණාටුවක් හේතුවෙන් ගුවන් ගමන් 4,000කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර තිබේ.

ඒ සමඟ නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරුණි.

අධික හිම සහ සුළං හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රදේශ රැසක ගමනා ගමන සහ දෛනික කටයුතුවලට බාධා පැමිණ තිබේ. 

ෆිලඩෙල්ෆියා සිට නිව්යොර්ක් නුවර දක්වා වෙරළබඩ කලාපයේ සෙන්ටිමීටර් 45ක මට්ටමට හිම පතිත වී ඇති බව සඳහන් වෙයි.

ඔහියෝ, ඉන්දියානා සහ කෙන්ටකි යන ප්‍රාන්තවලද හිම පතනය සිදුවන බව වාර්තා වෙයි.

මේ අතර ෆිලඩෙල්ෆියා, නිව්ජර්සි, පිට්ස්බර්ග් සහ වොෂිංටන් නගරවල පාසල් ද වසා දමා තිබේ.

හිම කාලගුණය සමඟ වොෂින්ටන් නගරයේ ජනතාව විනෝද වන අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.