යොවුන් පුරයේ වැඩ අරඹයි

යොවුන් පුරයේ වැඩ අරඹයි

March 21, 2018   01:13 pm

නව වන යොවුන් පුරය සඳහා කඳවුරු බිම සකස් කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි තරුණ තරුණියන් රැසක්  නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රයේ මේ දිනවල රැඳී සිටින අතර  ඔවුන් මාර්තු මස 28 වන දින ආරම්භ වන යොවුන් පුරය සඳහා අවශ්‍ය පහසුකම් සැකසීම ආරම්භ කර ඇති බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා සඳහන් කළේ.

යොවුන් පුරය සඳහා පැමිණීමට නියමිත තරුණ තරුණියන් 7000කට අධික පිරිසක් සඳහා පහසුකම් සැකසීම ඔවුන් වෙතින් සිදු කරයි.