හෙටින් පස්සේ පළාත් පාලන ආයතන 170ක් සංස්ථාපනය කරනවා

හෙටින් පස්සේ පළාත් පාලන ආයතන 170ක් සංස්ථාපනය කරනවා

March 19, 2018   07:24 am



හෙට දිනෙන් පසු පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරිමේ හැකියාව පවතින බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේ සියයට 50 හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ලබා ගත් පළාත් පාලන ආයතනවලට එහි නිළධාරි මණ්ඩලය පත් කර ගැනීමේ හැකියාව පවතින බවය.

ඒ අනුව පළාත් පාලන ආයතන 170ක් සංස්ථාපනය කිරීමේ හැකියාව පවතින බව ලේකම්වරයා සඳහන් කර තිබේ.

කෙසේවෙතත් සියයට 50ට වඩා අඩු ප්‍රතිශතයක් පවතින අවස්ථාවලදී එම පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම සඳහා කොමසාරිස්වරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව කමල් පද්මසිරි මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.