පුත්තලමේ රාත්‍රී ආපන ශාලාවක් ගිනි ගනී

පුත්තලමේ රාත්‍රී ආපන ශාලාවක් ගිනි ගනී

March 19, 2018   06:08 am


පුත්තලම නගරයේ පවත්වා ගෙන යන රාත්‍රී ආපන ශාලාවක හදිසියේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

ඊයේ (18) රාත්‍රී 10.30 ට පමණ ආරම්භ වූ මෙම ගින්න විනාඩි 30-45ක් අතර කාලය තුළ නිවා දැමීමට පොලීසිය හා පුත්තලම නගර වාසීන් කටයුතු කර තිබේ.

ගින්න හේතුවෙන් කිසිවෙකුට ජීවිත හානි සිදුවී නොමැති අතර  ගින්නෙන් සිදුවී ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලීසිය සඳහන් කරයි .

ගිනි ගැනීම සිදුවී ඇති රාත්‍රී ආපන ශාලාව ආසන්නයේ යාචකයින් පිරිසක් තම නවාතැම්පල කර ගෙන සිට ඇති බවත් ඔවුන් විසින් ආහාර පිසීමක් සිදුකරන විට ගින්න ඇති වන්නට ඇතැයි පොලීසිය පවසයි.

පුත්තලම නගරයේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාවද කැදවා ඇති අතර ගින්න සම්බන්ධයන් පොලිස් කණ්ඩායම් කීපයක් විසින් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.