ඉදිරි දිනවලදී වැසි අඩුවීමේ තත්ත්වයක්
March 18, 2018 11:15 pm
ඉදිරි දිනවලදී (මාර්තු මස 20 වන දින සිට) පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවේයැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ උතුරු පළාත හැර අනෙකුත් බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
නැගෙනහිර සහ ඌව පලාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.