නාවලපියියේ මූලික රෝහලට නවීනතම ලේසර් කිරණ උපකරණ රැසක්

නාවලපියියේ මූලික රෝහලට නවීනතම ලේසර් කිරණ උපකරණ රැසක්

March 18, 2018   09:49 pm



නාවලපිටිය මුලික රෝහලේ අක්ෂි ඒකකය වෙත නවීනතම ලෙසර් කිරණ ප‍්‍රතිකාර උපකරණ රැසක් පරිත්‍යාග කිරීම අද (18) එම රෝහල් පරිශ‍්‍රයේදී සිදු කළහ.

ජාත්‍යන්තර සිංහ සමාජයට වසර සීයයක් සපිරීම හා නාවලපිටිය කොත්මලේ සිංහ සමාජයට වසර පනහක් සපිරීම නිමිත්තෙන් අංක 306 සී 2 සිංහ සමාජය විසින් මෙම උපකරණ පරිත්‍යාග කරණු ලැබීය.

දැනට දිවයිනේ අක්ෂි රෝග ඒකකයක ලෙසර් කිරණ ප‍්‍රතිකාර සිදුකරනු ලබන්නේ කොළඹ මහ රෝහලේ සහ මහනුවර ශික්ෂණ රෝහලේ පමණක් බව එම රෝහලේ අධ්‍යක්‍ෂ නිහාල් විරසුරිය මහතා කියා සිටියි.

නාවලපිටිය මුලික රෝහලේ අක්ෂි රෝග ඒකකයේ ප‍්‍රතිකාරලබා ගැනීම සඳහා නාවලපිටිය පස්බාගේ කෝරලේ, කොත්මලේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, අඹගමුව ප‍්‍රාදේශීය කොට්ඨාසය යන බල ප‍්‍රදේශවල ග‍්‍රාමීය හා වතු ආශ්‍රිත රෝගීන් විශාල පිරිසක් පැමිණෙනබව රෝහල් අධ්‍යක්‍ෂකවරයා කියා සිටියේය.

එම රෝහලේ අක්ෂි ඒකකයේ විශේෂඥය වෛද්‍ය අයේෂ් මන්ත පිරිස් අසේල හංගිල්පොල යන මහතුන් විසින් මෙම අක්ෂි ඒකකය සඳහා විශාල කැපවීමකින් කටයුතු කරන බවත් තම රෝහලට පරිත්‍යාග වශයෙන් ලැබුණු නවීනතම උපකරණ වලින් අක්ෂි රෝගීන්ට උපරිමසේවයක් සිදුකරන බව එම රෝහලේ අධ්‍යක්‍ෂක නිහාල් විරසුරිය මහතා වැඩි දුරටත් කියා සිටියේය.