විදුලි සැරවැදී දෙදරු පියෙක් මරුට

විදුලි සැරවැදී දෙදරු පියෙක් මරුට

March 18, 2018   09:17 pm



කෝවිලේ පැවති උත්සවයකට විදුලි බුබුළු සැරසිම සඳහා අනවසරෙන් විදුලිය ලබා ගත් දෙදරු පියෙකු විදුලි සැරවැදි මියගොස් ඇති බව වටවල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වටවල ටෙම්පල්ස්ටෝර් වතුයායේ පදිංචි එස්. සරවනන් නැමැති (28) හැවරදි දෙදරු පියෙකි. ඊයේ (17) රාති‍්‍ර 8.00 ට පමණ මෙම අනතුර සිදුවි ඇත.

එම වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ සිට වතු නිවාස හරහා වතු කාර්යමණ්ඩල නිල නිවාස වෙත ඇද ඇති අධි බලැති විදුලි රැහැන් පද්ධතියකින් අනවසරෙන් විදුලිය ලබා ගැනිම සඳහා සෙවිලි තහඩු වලින් ආවරණය කර තිබු වෙළදසැලක වහල මත නැඟ විදුලිය ලබා ගනිද්දි ඔහුට විදුලි සැරවැදි ඇති බව පොලිසිය කියා සිටියේය.

එම අධිබලැති විදුලි රැහැන් පද්ධතියේ විදුලිය විසන්ධි කර වහල මත මියගොස් සිටි මරණකරුගේ සිරුර වතුකම්කරුවන් එක්ව පහළට ගෙන වටවල රෝහල වෙත රැගෙන ගොස් ඇත. 

මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරික්‍ෂණය සඳහා වටවල රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර පිළිබද වටවල පොලිසිය පරික්‍ෂණ පවත්වයි.