පස් සොදා වැලි හදන ඇමති ලොක්කෙක්ගේ ඡාවාරමක්

පස් සොදා වැලි හදන ඇමති ලොක්කෙක්ගේ ඡාවාරමක්

March 15, 2018   04:51 pm

වාරියපොල අලුත්ගම  දීල්ල වැව පාර ප්‍රදේශයේ කලක පටන් නීති විරෝධී අයුරින් පස් සෝදා වැලි බවට පත්කරන ජාවාරමක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

ඒ පිළිබඳව සොයා බැලූ උකුස්සාට දැක ගත හැකි වුණේ ඒ අවට පරිසරය දැවැන්ත ලෙස වනසමින් ජාවාරම්කරුවන් විසින් මෙම ජාවාරම  සිදුකරගෙන යන අකාරයයි.

මේ හේතුවෙන් දැවැන්ත ගස්වලට පවා හානි වී තිබුණේය.

අනතුරුව උකුස්සා සිදුකළ ගවේෂණයේදී දැකගත හැකි වුණේ ජාවාරම්කරුවන් විසින් දැවැන්ත යන්ත්‍රෝපකරණ භාවිතයෙන් මෙම ස්ථානයේ පස් සෝදා වැලි බවට පත්කරන ආකාරයයි.

මේ සම්බන්ධයෙන් උකුස්සා භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් සිදු කළ විමසීමේදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම ස්ථානයේ මෙලෙස පස්සොදා වැලිබවට පත් කිරීමට කිසිඳු බලපත්‍රයක් නිකුත් කර නොමැති බවයි.

මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමට බියක් දක්වන ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රබල අමාත්‍යවරයෙකුගේ රියදුරෙකුගේ සහෝදරයෙකු විසින් මෙම ජාවාරම සිදුකරන බවයි.

මෙම පරිසර විනාශය සිදුකරන පුද්ගලයාගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම දැන් බලධාරීන්ගේ වගකීමක් නොවන්නේ ද ?

ඒ පිළිබඳව උකුස්සා සීරුවෙන්...