නාවක්කුලිකේරතීව් ලුණු ලේවායක් වෙයි

නාවක්කුලිකේරතීව් ලුණු ලේවායක් වෙයි

March 13, 2018   10:16 pm



යාපනයේ - නාවක්කුලිකේරතීව් ප්‍රදේශයේ පිහිටි ලුණු නිපදවීමේ මධ්‍යස්ථානය ලුණු ලේවායක් බවට පත් කිරීමට උතුරු පළාත් සභාව පියවර ගෙන තිබේ.

මේ සඳහා තෙන්මරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  පරිසර අධිකාරියෙන් කළ ඉල්ලීමට අනුමැතිය ලැබී ඇති අතර දැනට ලුණු නිෂ්පාදනය කරන කුඩා ප්‍රමාණයේ නිෂ්පාදන මධ්‍යස්ථානය අක්කර 100 ක් දක්වා වැඩි දියුණු කිරීමට උතුරු පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යංශය බලාපොරොත්තු වෙයි.

පූනකරි මාර්ගයේ  15 හා 16 යන කිලෝමීටර් කණු අතර පිහිටි කේරතීව් අරුකුවේලි නම් ප්‍රදේශයේ මෙම නව ලුණු ලේවාය ස්ථාපිත කෙරෙන අතර මුලදී එහි සේවකයින් 25 දෙනෙකුට පමණක් රැකියා අවස්ථා උදාකොට දීමට බලාපොරොත්තු වෙයි.

දැනට මෙම ස්ථානයේ පුද්ගලයින් කීප දෙනෙකු විසින් ස්වයං රැකියාවක් වශයෙන් ලුණු නිෂ්පාදනය කිරීමේ කටයුතු වල නිරතව සිටිති.