යුද්ධයෙන් විපතට පත් පවුල් 197ක් සඳහා ස්ථීර නිවාස හදන්න  මිලියන 55.6 ක මුදලක්

යුද්ධයෙන් විපතට පත් පවුල් 197ක් සඳහා ස්ථීර නිවාස හදන්න මිලියන 55.6 ක මුදලක්

March 13, 2018   08:56 pm

යාපනයේ - සන්දිලිපායි, ආනේකෝට්ටේ හා මනිපායි යන ප්‍රදේශවලින් යුද්ධය හේතුවෙන් විපතට පත් වු පවුල් 197 ක් සඳහා ස්ථීර නිවාස ඉදි කොට දීමට රුපියල් මිලියන 55.6 ක මුදලක් වෙන් වී ඇතැයි යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා පැවසීය.

යාපනය දිසාපති කාර්යාලයේ පැවති සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී  දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.සරවනබවන් මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිසාපතිවරයා මේ  බව පැවසීය.

යුද අනාථයින් සඳහා  ලබාදෙන ස්ථිර නිවාස එකම ආකෘතියකට අනුකූලව තිබිය යුතු බවට ගන්නා ලද තීරණයට අනුව යාපනයේ සන්දිලිපායි ප්‍රදේශයේ ඉදි කෙරෙන නිවාස 197 ද එම ආකෘතියට අනුව ඉදි කරණ බව දිසාපතිවරයා මෙහිදී පැවසීය.

2018 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා යාපනයේ ඉදි කිරීමට නියමිත ස්ථීර නිවාස සංඛ්‍යාව පිළිබඳව මෙතක් දිසාපති කාර්යාලය වෙත තොරතුරු ලැබී නොමැති බවද දිසාපතිවරයා සඳහන් කළ අතර යාපනයේ සන්දිලිපායි ප්‍රදේශයේ  ස්ථීර නිවාස ඉදි කරණු ලබන්නේ 2018 වර්ෂයේ පළමු කාර්තුව සඳහා ලැබුණු මුදල් වලින් බවද කියා සිටියේය.