ප්‍රසිද්ධ ස්ථාන වල කුණු කසල දාපු 5කට වැඩ වරදී

ප්‍රසිද්ධ ස්ථාන වල කුණු කසල දාපු 5කට වැඩ වරදී

March 13, 2018   08:23 pm



යාපනය නගරයේ ප්‍රසිද්ධ ස්ථාන වල කුණු කසල බැහැර කළ පුද්ගලයින් පස් දෙනෙකුට යාපනය දිසා විනිසුරු සින්නතුරෙයි සදීස්වරන් මහතා විසින් එක් අයෙකුට රුපියල් 5000 බැගින් දඬ නියම කර ඇති බව යාපනය පොලීසිය පැවසීය.

යාපනය නගරයේ කුණු බැහැර කිරීම තහනම් කොට ඇති ස්ථාන වල මේ පස් දෙනා කලයක සිට කසල බැහැර කිරීම පුරුද්දක් කරගෙන තිබුණු අතර ඒ සම්බන්ධයෙන් අවස්ථා කීපයකදීම පොලීසිය අවවාද කළත් ඔවුන් පොලීසියේ අවවාද ගණනකට නොගෙන එම ස්ථානයේ කුණු කසල බැහැර කළ බව යාපනය පොලීසිය පැවසීය.

යාපනය පොලීසිය විසින් මේ පුද්ගලයින් පස් දෙනා අත් අඩංගුවට ගෙන අද (13) අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබුණි.