කැනඩාවේ සිට මළ ගෙදරකට යන්න ආපු දෙමළ ජාතිකයෙක් ලංකාවේ දී සියදිවි නසා ගනියි
March 13, 2018 07:27 pm
කැනේඩියානු පුරවැසිභාවය සහිත දෙමළ වැසියෙකු වවුනියාවේ කෝවිල්කුලම ප්රදේශයේ නිවසක බාල්කයක එල්ලී මියගොස් සිටියදී වවුනියාව පොලීසිය විසින් ඔහුගේ මළ සිරුර අද(13) සොයාගෙන තිබේ.
මියගිය අය කේ.සත්යසීලන් නැමති වයස අවුරුදු 83 ක පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබේ.
කැනඩාවේ සිට ශ්රී ලංකාවට ඔහු පැමිණ වවුනියාවේ නවාතැන් ගෙන ඇත්තේ ඔහුගේ පුතකුගේ නිවසේය.
මියගිය අය ඔහුගේ බිරිද සමඟ ශ්රී ලංකාවට පැමිණ ඇත්තේ ඥාතියෙකුගේ මළ ගෙදරකට සහභාගි වීම පිණිස වන අතර ඔවුන් ලබන 15 වෙනිදා ආපසු කැනඩාවට යාමට නියමිතව තිබුණි.
ඔහු මියයාමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.
වවුනියාව පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.