සයුරෙන් එතෙර
ෆේස්බුක් මෙහෙයුමක් - 250 ක් අත්අඩංගුවට
March 13, 2018 07:23 pm
සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ත්රස්තවාදයට අනුබල දීමේ චෝදනා මත පුද්ගලයින් 250 කට ආසන්න පිරිසක් මලයාසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර විදෙස් ජාතිකයින්ද වන බව එරට ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මසීර් කුජාත් ප්‍රකාශ කර ඇත.
ත්රස්තවාදයට අනුබල දෙන සහ ත්‍රස්ත කණ්ඩායම් සඳහා සාමාජිකයින් බඳවා ගැනීමට සමාජ ජාල වෙබ් අඩවි භාවිත කළ බවට එල්ල වු චෝදනා මත මලයාසියානු බුද්ධි අංශ සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් 249 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
අත්අඩංගුවට ගත් පිරිස අතරින් 240 දෙනෙකුම ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ එම කටයුතු මෙහෙයවා ඇති බව මලයාසියානු ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කර ඇත.