නෙවිල් ප්‍රනාන්දු රෝහල විකුණන්න මිල ගණන් කැඳවුයේ කාගේ අනුදැනුමින් ද?

නෙවිල් ප්‍රනාන්දු රෝහල විකුණන්න මිල ගණන් කැඳවුයේ කාගේ අනුදැනුමින් ද?

March 13, 2018   07:02 pm

රජයට පවරා ගත් නෙවිල් ප්‍රනාන්දු රෝහල විකිණීම සඳහා මිල ගණන් කැඳවූයේ කාගේ අනුදැනුම මත ද යන්න රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ප්‍රශ්න කරයි.

අද(13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයින් මේ බව සඳහන් කළේය.

මාධ්‍ය හමුවෙන් අනතුරුව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියේය.

ඒ සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීමේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය සිය වගකීම පැහැර හැර සිදුකර ඇති අක්‍රමිකතා හා දූෂණ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි.