ජනතාවට කැමති ආණ්ඩුවක් පත් කර ගන්න පාර්ලිමේන්තු මැතිවරණයක් ඕනේ

ජනතාවට කැමති ආණ්ඩුවක් පත් කර ගන්න පාර්ලිමේන්තු මැතිවරණයක් ඕනේ

March 13, 2018   05:49 pm


ජනතාව කැමති ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද(13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

පසුගිය මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු රජයට ඇති අප්‍රසාදය ජනතාව තුළ වර්ධනය වී ඇති බව ද බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත් ජාතික ප්‍රතිපත්තියක් තුළින් රට ඉදිරියට ගෙන යා යුතු නව ආණ්ඩුවක් පත් කළ යුතු බවත් පැවසු ගුණවර්ධන මහතා, එතෙක් එදිනෙදා ඇතිව තිබෙන අර්බුද සඳහා ජනාධිපතිවරයා ඍජුව මැදිහත් විය යුතු බව ද පැවසීය.