කුඹුක්කන් ඔයේ විනාශය ගැන උකුස්සාගේ අනාවරණයෙන් පසු ජනපතිගෙන් විසඳුමක්

කුඹුක්කන් ඔයේ විනාශය ගැන උකුස්සාගේ අනාවරණයෙන් පසු ජනපතිගෙන් විසඳුමක්

March 13, 2018   01:29 pm

මොණරාගල වැසියන්ට ශක්තියක් වෙමින් පාරිසරික සුන්දරත්වයෙන් යුතුව ගලා බසින කුඹුක්කන් ඔය විනාශ කරමින් සිදු කෙරෙන වැලි ජාවාරමක් පිළිබඳව අද දෙරණ උකුස්සා පසුගිය මාර්තු පළමු වැනිදා රට හමුවේ අනාවරණ කළේය.

එම අනාවරණය දුටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය වෙත නියම කර ඇත්තේ ඒ පිළිබඳව සොයා බලා තමා වෙත තොරතුරු වාර්තා කරන ලෙසයි.

එහිදී කුඹුක්කන් ඔයේ ඉවුරුවලට සිදු වී ඇති හානිය උකුසු ඇසට හසුව තිබුණේය.

පරිසර අමාත්‍යවරයා ලෙස උකුස්සා කළ අනාවරණය දුටු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වහා සොයාබලන ලෙස බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනූව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අසේල ඉද්දවල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක්  කුඹුක්කන් ඔයේ  වැලි ජාවාරම නිසා විනාශයට පත්වූ ස්ථාන පළමුවෙන්ම නිරීක්ෂණය කළේය. 

ඔහු පවසා සිටියේ‍්, දෙරණ ප්‍රවෘත්තිය නැරඹුවාට පසුව ජනාධිපතිතුමා සෘජුව මැදිහත් වෙලා මේ සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙස උපදෙස් ලබා දුන් බවයි.

පරිසර අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගැනීමට උකුස්සා දරණ ප්‍රයත්නය හමුවේ ඊට කඩිනම් ප්‍රතිචාර හිමිවීම මෙවැනි අපරාධ කරුවන් තව තවත් රටට අනාවරණය කිරීම සඳහා මනා පිටිවහලක්.