ව්‍යාපෘති කළමණාකරණයත් පියසේන ගමගේට දෙයි

ව්‍යාපෘති කළමණාකරණයත් පියසේන ගමගේට දෙයි

March 12, 2018   12:58 pm


ව්‍යාපෘති කළමණාකරණ, තරුණ කටයුතු සහ  දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස පියසේන ගමගේ මහතා පත් කර තිබේ.

ජනාධිපති අත්සනින් යුතු මෙම ලිපිය ජනාධිපති අතිරේක ලේකම්තුමිය විසින් අමාත්‍යවරයා වෙත බාර දුන් බව වාර්තා වෙයි.

මේ අතර නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ (02) සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගත්තේය. 

නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගිය දෙසැම්බර් 28 වන දින පියසේන ගමගේ මහතා දිවුරුම් දුන්නේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ  ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් අහිමි වීමත් සමඟ පියසේන ගමගේ මහතාට පාර්ලිමේන්තුවට තේරීපත්වීමේ අවස්ථාව උදා විය.