Back to Top

ග්ලයිෆොසෙට් අලෙවි කරන ස්ථානයක් උකුසු ඇසට හසුවෙයි

ග්ලයිෆොසෙට් අලෙවි කරන ස්ථානයක් උකුසු ඇසට හසුවෙයි

March 7, 2018  09:59 am

Bookmark and Share
කෘෂිකාර්මික වකුගඩු රෝගයට සෘජුවම බලපෑම් සිදුකරන ග්ලයිෆොසෙට් වල්නාශක මෙරට තුළ භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්.

එවන් පසුබිමක ග්ලයිෆොසෙට් ජාවාරමක් නීතියේ රැහැනට හසුකරදීමට අද දෙරණ උකුස්සාට හැකි විය.

අද උකුස්සගේ අනාවරණය ඒ පිළිබඳවයි.

වල්නාශකයක් ලෙස යොදාගැනෙන ග්ලයිෆොසෙට් රසායනිකය මෙරට තුළ භාවිතය, ප්‍රදර්ශනය , සහ අලෙවිය සපුරා තහනම් කෙරුණේ කෘෂිකාර්මික වකුගඩු රෝගයට එහි ඇති සම්බන්ධතාව විද්‍යාත්මකව තහවුරු වී ඇති පසුබිමකයි.

එවන් පසුබිමකත් රටේ ඇතැම් ස්ථානවල ග්ලයිෆොසෙට් අලෙවිය තවමත් රහසිගතව සිදුවෙමින් පවතියි.

එලෙස අනුරාධපුර කැකිරාව නගරයේ ග්ලයිෆොසෙට් රහසිගතව අලෙවි කරන ස්ථානයනක් පිළිබඳව ලද තොරතුරකට අනුව මේ කූට නීතිවිරෝධී ජාවාරම නීතියේ රැහැනට හසුකර ගැනීමේ අද දෙරණ උකුස්සා කැකිරාව ප්‍රදේශයට රහසිගතව ළඟා වන්නේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ පැමිණි වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒක‍කයේ නිලධාරීන් සහ අනුරාධපුර පළාත් බද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සමඟයි.

එහිදී උකුස්සා අදාළ නිලධාරීන් සමගින් ග්ලයිෆොසෙට් අලෙවි කරනු ලබන ස්ථානයක් වටලනු ලැබීය.

අනතුරුව මෙහි හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි අනාවරණ වූයේ මෙහි රහසිගත ගබඩාවක තවත් ග්ලයිෆොසෙට් තොගයක් සඟවා ඇති බවයි. 

මෙහි හිමිකරුගෙන් වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් කරුණු රැසක් අනාවරණ වුණා.

එම තොරතුරුවලට අනුව මෙම ප්‍රදේශයේ තිබූ තවත් වෙළෙඳසැලක් ද වටලනු ලැබූ අතර එහිදී ද ග්ලයිෆොසෙට් වල්නාශක තොගයක් සොයා ගනු ලැබුවා.

ඒ අනුව මෙම වෙළෙඳසැල් දෙකෙහි තිබී ග්‍රෑම් 100 ග්ලයිෆොසෙට් පැකැට්ටු 1500 ක් පමණ සහ එම වල්නාශක අඩංගු කෑන් හතරක් පොලිස් භාරයට ගනු ලැබුවා.

මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 15 කට ආසන්නයි. 

රටේ නීතිය තුට්ටුවකට මායිම් නොකර මිනිස් ජීවිත අනතුරේ හෙලන මෙවැනි ජාවාරම් සොයා උකුස්සා ඉදිරියටත් සීරුවෙන්.