යාල රක්ෂිතයට කුණු දැමීමට එරෙහිව ඇමතිගෙන් ප්‍රතිචාර

යාල රක්ෂිතයට කුණු දැමීමට එරෙහිව ඇමතිගෙන් ප්‍රතිචාර

March 5, 2018   11:05 am

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට අයත් කැළි කසල යාල රක්ෂිතයට බැහැර කිරීමෙන් සිදුවන වන පාරිසරික හානිය මෙන්ම වන සතුන්ට මුහුණ දීමට සිදුව ඇති ජීවිත තර්ජනය පිළිබඳ අද දෙරණ උකුස්සා මීට පෙර රට හමුවේ අනාවරණ කළේය.

එම  අනාවරණයෙන් පැය 24 ක් ගතවන්නටත් පෙර ගැටලුවට ස්ථිර විසඳුමක් දෙන බවට තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා අද දෙරණට ප්‍රකාශ කළේය.

තිස්සමහාරාම නගරයේ දෛනිකව එක්රැස්වන කැලි කසළ,කලක සිට  යාල ජාතික වනෝද්‍යානයට අයත් යාල රක්ෂිත භූමියට, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට අයත් කසල රථවලින් බැහැර කරන ආකාරය, අද දෙරණ උකුස්සා ඊයේ රට හමුවේ අනාවරණ කළේය.

මෙලෙස බැහැර කරන කැලි කසල රක්ෂිතයේ සිටින වන අලින් ආහාරයට ගැනීමත් සමඟ රක්ෂිතයේ වෙසෙන වන අලින්ගේ ජීවිතවල පවතින් අවදානම් සහිත ස්වාභාවය පිළිබඳවද අප සොයා බැලීය.

උකුස්සා කළ අනාවරණය පිළිබඳව නව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ අවදානය යොමු වී තිබේ.

යාල රක්ෂිතය වාසභමිය කරගත් වල අලි මෙන්ම අනෙකුත් සතුන්ටද ජීවිත තර්ජනයක් එල්ල කරමින් පරිසරයද වනසා දමන මෙම වගකීම් විරහිත ක්‍රියාව පිළිබඳව නව වනජීවී අමාත්‍යවරයා ගනුලබන ක්‍රියාමාර්ගය  සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා තවදුරටත් අවධානයෙන්.