හොරට මැණික් ගරපු 03ක් පොලීසියට මාට්ටු

හොරට මැණික් ගරපු 03ක් පොලීසියට මාට්ටු

March 4, 2018   11:04 am


බගවන්තලාව තේරේසියා වතුයායේ තේ පදුරු ඉවත් කර විශාල පරිසර හානියක් සිදුකරමින් අනවසර මැණික් ගැරීමේ නිරතව සිටි තිදෙනෙක් ඊයේ (03) රාති‍්‍රයේ සැකපිට අත්අඩංගුවට ගත්බව බගවන්තලාව පොලීසිය පවසයි. 

මෙම සැකකරුවන් බලංගොඩ ඔපනායක ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන බවත් එම සැකකරුවන් බගවන්තලාව ප‍්‍රදේශයේ රැදී සිටිමින් මෙම අනවසර මැණික් ගැරීම් ජාවාරමේ නිරතව සිටි අය බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ. 

සැකකරුවන් සමඟ මැණීක් ගැරීමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරීමට නියමිතව තිබේ.