අද දෙරණ 24x7 ස්ටෙෆල් ආනල්ඩ් මියුසික් ආයතනයේ සාර්ථකම ව්‍යාපෘති 5 අතරට එක්වෙයි

අද දෙරණ 24x7 ස්ටෙෆල් ආනල්ඩ් මියුසික් ආයතනයේ සාර්ථකම ව්‍යාපෘති 5 අතරට එක්වෙයි

February 24, 2018   04:24 pm



ලෝකයේ ප්‍රමුඛ පෙළේ සංගීත ඛණ්ඩ නිර්මාණය කරන ආයතනයක් වන ස්ටෙෆල් ආනල්ඩ් මියුසික් ආයතනය විසින්  පසුගිය මාස කිහිපය තුල සිදුකළ ව්‍යාපෘති කිහිපයක් අතුරින් සාර්ථකම ව්‍යාපෘති 5 ක් අතරට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුවත් සන්නාමය වන අද දෙරණ ටුවෙන්ටි ‍ෆෝ සෙවන් නාලිකවද ඇතුලත්වී ඇති බව වාර්තා වේ.

 ස්ටෙෆල් ආනල්ඩ් මියුසික් ආයතනය ලෝකයේ ප්‍රමුඛ පෙලේ සංගීත කණ්ඩ සපයන ආයතනයක් වන අතර සී.එන්.එන් ආදි ලෝකයේ ප්‍රමුඛ පෙළේ පුවත් නාලිකාවලට ඔවුන් සංගීතය සපයා තිබේ.