අල බද්ද අද රෑ සිට රුපියල් 30කින් ඉහළට

අල බද්ද අද රෑ සිට රුපියල් 30කින් ඉහළට

February 23, 2018   05:11 pm


ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් මත මෙතෙක් පනවා තිබූ රුපියල් 1/=ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30/= දක්වා ඉහළ දමා තිබේ. 

දේශීය අර්තාපල් අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බැවින් දේශීය ගොවියාට සහන ලබා දීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත. 

මාර්තු මස 31 වැනිදා දක්වා නව බදු සංශෝධනය ක්‍රියාත්මකයි.