ජා ඇල කර්මාන්ත ශාලාවක හට ගත් ගින්න නිවයි
February 20, 2018 09:03 am
ජා ඇල, රජමාවතේ පිහිටි කර්මාන්ත ශාලවක හටගත් ගින්න මැඩපවත්වා තිබේ.
ඊයේ රාත්රී අදාළ කර්මාන්ත ශාලාවේ ගින්නක් හටගත් අතර ගිනි නිවීමේ ඒකකය, පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති බව වාර්තා වෙයි.
ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව සදහන්.
අදාළ ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ජා ඇල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.